10. 2. 7.
සංයෝජන සූත්‍රය
3765. මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී. මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතීද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී යි.
10. 2. 8.
අනුසය සූත්‍රය
3766. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අනුසය නැසීම පිණිස පවතී යි.
10. 2. 9.
අද්ධාන සූත්‍රය
3767. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.
10. 2. 10.
ආසවක්ඛය සූත්‍රය
3768. මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්‍රවක්‍ෂය පිණිස පවතී යි.
(මේ තුන් සුතුර ද සංයෝජන සුතුර මෙන් විතර කටයුතු.)
දෙවැනි ආනන්‍ද වර්‍ග යි.
එහි සූත්‍රනාමමාලාව:
ඉච්ඡාඞ්ගල සඞ්ඛෙය්‍ය යී දෙසුතුරෙකි. ආනන්‍ද නමින් අනෙක් සුතුරු දෙකෙකි. භික්ඛු නමිනුදු සුතුරු දෙකෙකි. සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
අනාපානසංයුත්තය නිමියේ ය.
එහි වර්‍ග නාමාවලිය:
ධර්‍මස්වාමි මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් අනාපානසංයුත්තයෙහි ඒකධම්ම, ආනන්‍ද යි වර්‍ග දෙකෙක් ම මැනවින් දේශනා කරණ ලද යි.