10. 2. 4.
දුතිය ආනන්ද සූත්රය
3762. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්ද, එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්ද එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
ආනන්ද, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද් ද යත්: ආනන්ද, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවද්ද යත්: ආනන්ද, මෙහි මහණ අරනකට ගියේ හෝ ... ආනන්ද, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
(පළමු සුතුර මෙන් විතර කටයුතු.)
10. 2. 5.
භික්ඛු සූත්රය
3763. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ”යි. “මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇතැ” යි.
වහන්ස, කවර එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා ද? (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද? (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟහු පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධි සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ ... මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
10. 2. 6.
දුතිය භික්ඛු සූත්රය
3764. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙදහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
මහණෙනි, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහමක් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක් දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවති. සත් බොජඟ වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්ති පුරවයි. “මහණෙනි, ආනාපානසතිසමාධි කෙසේ වඩන ලදුයේ කෙසේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවාගෙන හිඳගනී. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්රශ්වාස කෙරෙයි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නිවන අනුව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.