1. 9. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
95. මහණෙනි, යම් සේ මහී ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම් දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 6.
ඡෂ්ඨ පාචීනනින්න සූත්‍රය
96. මහණෙනි, යම් කිසි මහානදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද් ද, යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුනාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
1. 9. 7.
සමුද්දනින්න සූත්‍රය
97. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මහණ මෙසේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 9. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
98. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
99. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
100. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
101. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
1. 9. 12.
ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
102. මහණෙනි, යම්කිසි මහා නදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද්ද, යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්, මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
ගංඟාපෙය්‍යල යි.
එහි සූත්‍රනාමාවලිය:
පාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක සූත්‍ර දොළසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.