1. 9. 10.
චතුත්ථ සමුද්දනින්න සූත්රය
100. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 9. 11.
පඤ්චම සමුද්දනින්න සූත්රය
101. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බරවූයේ වේ යයි.
1. 9. 12.
ඡෂ්ඨ සමුද්දනින්න සූත්රය
102. මහණෙනි, යම්කිසි මහා නදීහු එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභු මහී නදීහු වෙද්ද, යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්, මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
ගංඟාපෙය්යල යි.
එහි සූත්රනාමාවලිය:
පාචීනනින්න සූත්ර සයෙකි. සමුද්දනින්න සූත්ර ද සයෙකි. මේ ඡක්ක දෙක සූත්ර දොළසෙක් වේ. එයින් වර්ගය යි කියනු ලැබේ යි.
10. දුතියගඞ්ගාපෙය්යාලය
1. 10. 1.
පාචීනනින්න සූත්රය
103. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා, පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ, වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්ය්යවසානය වූ ද්වේෂ විනය පර්ය්යවසානය වූ මෝහවිනය පර්ය්යවසානය වූ සම්යක්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්ය්යවසානය වූ ද්වේෂවිනය පර්ය්යවසානය වූ මෝහවිනය පර්ය්යවසානය වූ සම්යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 10. 2.
දුතිය පාචීනනින්න සූත්රය
104. මහණෙනි යම් සේ යමුනා ගඟ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 3.
තතිය පාචීනනින්න සූත්රය
105. මහණෙනි යම්සේ අචිරවතී ගඟ පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 4.
චතුත්ථ පාචීනනින්න සූත්රය
106. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.