1. 7. 2.
සීල සූත්‍රය
64. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවුපිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතුයි ... බහුල කෙරේ යයි.
1. 7. 3.
ඡන්‍ද සූත්‍රය
65. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය යි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 7. 4.
අත්ත සූත්‍රය
66. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් යත්: මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.
1. 7. 5.
දිට්ඨි සූත්‍රය
67. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 7. 6.
අප්පමාද සූත්‍රය
68. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්‍රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්පමාදසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
1. 7. 7.
යෝනිසෝ සූත්‍රය
69. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යෝනිසෝමනසිකාර සම්පන්න මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 7. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
70. සැවැත්නුවර:
මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කල්‍යාණමිත්‍රත්‍වය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ දෝසවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වේෂ විනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.