1. 7. 11.
දුතිය අත්ත සූත්රය
73. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්; මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 12.
දුතිය දිට්ඨි සූත්රය
74. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උදව් ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ ඤාණසම්පත්තිය යි. මහණෙනි, ඤාණසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 13.
දුතිය අප්පමාද සූත්රය
75. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ අප්රමාද සම්පත්තිය යි. මහණෙනි, අප්රමාදසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යි.
1. 7. 14.
දුතිය යෝනිසෝ සූත්රය
76. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ යෝනිසෝමනසිකාර සම්පත්තිය යි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ තෙමේ රාගය දුරලීම කෙළවර කොට ද්වේෂය දුරලීම කෙළවර කොට මෝහය දුරලීම කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
ඒකධම්මපෙය්යාල යි.
එහි සූත්රනාමාවලිය:
කල්යාණමිත්ත, සීල, ඡන්ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්රයුගල සයෙකි. යෝනිසෝ සූත්ර යුගලය සත් වැනි වේ. (වර්ගයෙහි සූත්ර මුළුල්ල තුදුසෙකි) යි.