1. 6. 8.
දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
56. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි, මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කල්‍යාණමිත්‍ර මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ කෙසේ නම් අරිඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්, මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේශවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනයෙහි පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනයෙහි පර්‍ය්‍යවසාන වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසාන වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, කල්‍යාණමිත්‍ර මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 6. 9.
දුතිය සීල සූත්‍රය
57. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් සිවුපිරිසිදු සීලයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතුයි. … බහුල කෙරේ යි. (විතර කට යුතු යි.)
1. 6. 10.
දුතිය ඡන්‍ද සූත්‍රය
58. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කතතුකම්‍යතාකුසලච්ඡන්‍දයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, ඡන්‍දසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 11.
දුතිය අත්ත සූත්‍රය
59. මහණෙනි, යම් අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් චිත්තසමෘද්ධත්‍වයෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මෙය පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති විය යුතු යි … බහුල කෙරේ යි.
1. 6. 12.
දුතිය දිට්ඨි සූත්‍රය
60. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින්ම යම් ඥාණසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. … බහුල කෙරේ යයි.
1. 6. 13.
දුතිය අප්පමාද සූත්‍රය
61. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් අප්‍රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අප්‍රමාදසම්පන්න මහණහු විසින් මේ කැමති වියයුතු යි. … බහුල කෙරේ යයි.
1. 6. 14.
දුතිය යෝනිසෝ සූත්‍රය
62. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝමනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය. යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්‍ය්‍යවසානය වූ ද්වෙෂවිනයෙහි පර්‍ය්‍යවසානය වූ මෝහවිනයෙහි පර්‍ය්‍යවසානය වූ සම්‍යක්දෘෂ්ටිය වඩයි … සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
සූරියපෙය්‍යල යි.
එහි සූත්‍රනාමාවලිය:
කල්‍යාණමිත්ත, සීල, ඡන්‍ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්‍ර යුගල සයෙකි. යෝනිසෝ සූත්‍ර යුගලය සත් වැනි වේ. (වර්‍ගයෙහි සූත්‍ර මුළුල්ල තුදුසෙකි) යි.