1. 6. 13.
දුතිය අප්පමාද සූත්රය
61. මහණෙනි, යම් අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් අප්රමාදසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, අප්රමාදසම්පන්න මහණහු විසින් මේ කැමති වියයුතු යි. … බහුල කෙරේ යයි.
1. 6. 14.
දුතිය යෝනිසෝ සූත්රය
62. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු වෙයි. මේ පෙර නිමිති වෙයි. මහණෙනි, එසෙයින් ම යම් යෝනිසෝමනසිකාරසම්පත්තියෙක් වේ ද, මහණහට අරීඅටඟිමඟ ඉපදීමට මේ පෙරටු වෙයි. මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය. අරීඅටඟිමඟ බහුල කරන්නේ ය. යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ රාගවිනයෙහි පර්ය්යවසානය වූ ද්වෙෂවිනයෙහි පර්ය්යවසානය වූ මෝහවිනයෙහි පර්ය්යවසානය වූ සම්යක්දෘෂ්ටිය වඩයි … සම්යක්සමාධිය වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
සූරියපෙය්යල යි.
එහි සූත්රනාමාවලිය:
කල්යාණමිත්ත, සීල, ඡන්ද, අත්ත, දිට්ඨි, අප්පමාද යි සූත්ර යුගල සයෙකි. යෝනිසෝ සූත්ර යුගලය සත් වැනි වේ. (වර්ගයෙහි සූත්ර මුළුල්ල තුදුසෙකි) යි.
7. ඒකධම්මපෙය්යාලය
1. 7. 1.
කල්යාණමිත්ත සූත්රය
63. සැවැත්නුවර:
මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක යත්: මේ කල්යාණමිත්රත්වය යි. මහණෙනි අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නතු වූ සම්මා දිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, කල්යාණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි, අරීඅටඟිමඟ බහුලකෙරේ යයි.
1. 7. 2.
සීල සූත්රය
64. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීම පිණිස එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ සිවුපිරිසිදු සීලය යි. මහණෙනි, සීලසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතුයි ... බහුල කෙරේ යයි.
1. 7. 3.
ඡන්ද සූත්රය
65. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් ද යත්: මේ කත්තුකම්යතා කුසලච්ඡන්දය යි. මහණෙනි, ඡන්දසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යයි.
1. 7. 4.
අත්ත සූත්රය
66. මහණෙනි, අරීඅටඟිමඟ ඉපදීමට මේ එක් දහමෙක් බොහෝ උපකාර ඇත්තේ වේ. කවර එක් දහමෙක් යත්: මේ චිත්තසම්පත්තිය යි. මහණෙනි, චිත්තසම්පන්න මහණහු විසින් මෙය කැමති වියයුතු යි ... බහුල කෙරේ යි.