5. අඤ්ඤතිත්ථියපෙය්යාලය
1. 5. 1.
විරාග සූත්රය
41. සැවැත්නුවර:
එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසෙ යි.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්රකාශ කරවු. “ඇවැත්නි, රාගය දුරලීම පිණිස මගෙක් ඇත”. “පිළිවෙතක් ඇතැ”යි මහණෙනි රාගය දුරලීම පිණිස මඟ කවරෙ යැ පිළිවෙත කවරෙ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ ය යත්: සම්මාදිට්ඨි යැ …. සම්මාසමාධි යි. මහණෙනි, රාගය දුරලීම පිණිස මේ මග යැ, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්රකාශ කරවු.
1. 5. 2.
සංයෝජන සූත්රය
42. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්රකාශ කරවු: “ඇවැත්නි, සංයෝජන ප්රහාණය පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ” යයි.
මහණෙනි, ඉදින් අන්යතීර්ත්ථක පරිව්රාජකයෝ “ඇවැත්නි, සංයෝජන ප්රහාණය පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයනට මෙසේ විසඳන්නාහු ය. “ඇවැත්නි, සංයෝජන ප්රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතක් ඇතැ යි. මහණෙනි, සංයෝජනප්රහාණය පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. හේ මෙසේ ය: සම්මාදිට්ඨි යැ … සම්මාසමාධි යි. මහණෙනි, සංයෝජනප්රහාණය පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්යතීර්ත්ථක පරිව්රාජකයනට මෙසේ විසඳන්නාහුය.
1. 5. 3.
අනුසය සූත්රය
43. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් “මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට “මෙසේ විසඳන්නාහු ය: “ඇවැත්නි, අනුසය (නිදි ගත් කෙලෙස්) නැසීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. මහණෙනි,
ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, අනුසය නැසීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද් දැ? යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහුය: “ඇවැත්නි අනුසය නැසීම පිණිස මගෙක් ඇත පිළිවෙතක් ඇතැ”යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මඟ කවරේ යැ පිළිවෙත කවරේ යැ යත්: මේ අරිඅටඟිමග මැ යි හේ මෙසේය: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මග ය, මේ පිළිවෙතයි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.
1. 5. 4.
අද්ධාන සූත්රය
44. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ” යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි මේ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, සසර අදන්මග පිරිසිඳ දැනීම පිණිස මග කවරෙ යැ පිළිවෙත කවරේය යැ යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, සසර අදන්මඟ පිරිසිඳ දැනීම පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 5.
ආසවක්ඛය සූත්රය
45. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ ද?”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු ය. “ඇවැත්නි, ආස්රවක්ෂය පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි … මහණෙනි, ආස්රවක්ෂය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි” යි. මහණෙනි, ආස්රවක්ෂය පිණිස මේ මගය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු යි.
1. 5. 6.
විජ්ජාවිමුත්ති සූත්රය
46. මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ: “ඇවැත්නි කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි මෙසේ තොප පුළුවුස්නාහු නම් එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නහු ය: “ඇවැත්නි, අර්හන්මාර්ගඥානවිද්යාව හා අර්හත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ”යි ... මහණෙනි, අර්හන්මාර්ගඥානවිද්යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධිය යි. මහණෙනි, අර්හන්මාර්ගඥානවිද්යාව හා අරහත්ඵලවිමුක්තිය පසක් කරනු පිණිස මේ මග ය, මේ පිළිවෙත යි. මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසන්නාහු යි.