1. 4. 5.
සාමඤ්ඤ සූත්රය
35. මහණෙනි, මහණුවම් ද මහණුවම්හි ඵල ද තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මහණුවම කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ මහණුවමැ යි කියනු ලැබේ. මහණෙනි, මහණුවම්හි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු මහණුවම්හි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 6.
දෙවන සාමඤ්ඤ සූත්රය
36. මහණෙනි, ශ්රමණධර්මයත් ශ්රමණධර්මයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්රමණධර්මය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි ඒ කවරැ යත්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්රමණධර්මය යි කියනු ලැබේ. මහණෙනි, ශ්රමණධර්මයෙහි ඵල කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි මේ ශ්රමණධර්මයෙහි ඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 7.
බ්රහ්මඤ්ඤ සූත්රය
37. මහණෙනි, ශ්රේෂ්ඨත්වයත් ශ්රේෂ්ඨත්වයෙහි ඵලත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්රේෂ්ඨත්වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්රේෂ්ඨත්වය යි කියනු ලැබේ. මහණෙනි, ශ්රේෂ්ඨත්වයෙහි ඵල කවරෙ යත්: සෝතාපත්තිඵලය සකදාගාමිඵලය අනාගාමීඵලය අරහත්තඵල යි. මහණෙනි, මොහු ශ්රේෂ්ඨත්වයෙහි ඵල යැ යි කියනු ලැබේ යි.
1. 4. 8.
දෙවන බ්රහ්මඤ්ඤ සූත්රය
38. මහණෙනි, ශ්රේෂ්ඨත්වයත් ශ්රේෂ්ඨත්වයෙහි ප්රයෝජනත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ශ්රේෂ්ඨත්වය කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ශ්රේෂ්ඨත්වය යැ යි කියනු ලැබේ. මහණෙනි, ශ්රේෂ්ඨත්වයෙහි ප්රයෝජන කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මහණෙනි, මේ ශ්රේෂ්ඨත්වයෙහි ප්රයෝජනැ යි කියනු ලැබේ යි.
1. 4. 9.
බ්රහ්මචරිය සූත්රය
39. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි ඵලත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි එ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරඵල කවරෙ යත් සෝවත්ඵල සෙදගැමිඵල අනගැමිඵල රහත්ඵල යි. මහණෙනි, මොහු බඹසරඵලැ යි කියනු ලැබේ යි.
1. 4. 10.
දෙවන බ්රහ්මචරිය සූත්රය
40. මහණෙනි, තොපට බඹසරත් බඹසරෙහි අර්ත්ථත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි බඹසර කවරෙ යත්: මේ අරිඅටඟිමඟ මැ යි. ඒ කෙසේ යැ යත්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි මේ බඹසරැ යි කියනු ලැබේ. මහණෙනි, බඹසරෙහි අර්ත්ථ කවරෙ යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ නම් මේ බඹසරෙහි අර්ත්ථ යි කියනු ලැබේ යි.
(සියල්ල සැවැත්නුවර ම නිදාන කොට ඇත.)
සිව්වැනි පටිපත්ති වර්ග යි.
එහි සූත්ර නාමමාලාව:
පටිපත්ති, පටිපන්න, විරද්ධ, පරඞ්ගම යි සූත්ර සතරෙකි. සාමඤ්ඤ නමින් දෙකෙක් ද, බ්රහ්මඤ්ඤ නමින් දෙකෙක් ද, බ්රහ්මචරිය නමින් දෙකෙක්ද කියන ලදහ. මේ සූත්ර දශයෙන් වර්ග යයි කියනු ලැබේ.