1. 2. 3.
සේඛ සූත්‍රය
13. සැවැත්නුවර:
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “සේඛය, සේඛ යයි කියනු ලැබේ” යි වහන්ස, කෙතෙකින් සේඛ වේ දෝ?” යි මෙසස්නෙහි මහණ සේඛ වූ සම්මාදිට්ඨීයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාසඞ්කප්පයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවාචායෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාකම්මන්තයෙන් යුතු වූයේ වේ ද, සේඛ වූ සම්මා ආජීවයෙන් යුතු වූයේ වේද සේඛ වූ සම්මාවායාමයෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසතියෙන් යුතු වූයේ වේ ද සේඛ වූ සම්මාසමාධියෙන් යුතු වූයේ වේ ද, මෙතෙකින් මහණ සේඛ වේ යි.
1. 2. 4.
උප්පාද සූත්‍රය
14. සැවැත්නුවර:
මහණෙනි, මේ අටදහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: එනම් සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය ... යි මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ පහළවීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 5.
දෙවන උප්පාද සූත්‍රය
15. සැවැත්නුවර:
මහණෙනි, මේ අට දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුදුසසුනෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක් ද යත්: එනම් සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, මේ අට දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 6.
පරිසුද්ධ සූත්‍රය
16. සැවැත්නුවර:
පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම් කෙනෙක් තථාගත අර්‍හත් සම්මා සම්බුදු රාජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන්කලෙක නූපන්නාහු නූපදිති යි.
1. 2. 7.
දෙවන පරිසුද්ධ සූත්‍රය
17. සැවැත්නුවර:
මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම කෙනෙක් බුදුසන්නෙන් අන්තැනෙක නූපන්නාහු නූපදිත්. කවර අටෙක යත්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මේ අට දහම්හු බුදුසසුනෙන් අන් තැනෙක නූපන්නාහු නූපදිති යි.