1. 15. 49-64.
භව සූත්‍ර
275-294. මහණෙනි, මේ භව තුනෙකි. කවර තුනෙක යත්: කාමභව රූපභව අරූපභව යි. මහණෙනි, මේ භව තුන යි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහුම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 65-80.
දුක්ඛතා සූත්‍ර
291-306. මහණෙනි, මේ දුක්ඛතා (දුක්බැව්) තුනෙකි. කවර තුනෙක යත්: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා යි. මහණෙනි, මේ දුක්ඛතා තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 81-96.
ඛීල සූත්‍ර
307-322. මහණෙනි, මේ ඛීල (හුල්) තුනෙකි. කවර තුනෙක යත්: රාගඛීල දෝසඛීල මෝහඛීල යි. මහණෙනි, මේ ඛීල තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 97-112.
මල සූත්‍ර
323-338. මහණෙනි, මේ මල (කිලිටි) තුනෙකි. කවර තුනෙක යත්: රාගමල යැ දෝසමල යැ මොහමල යැ යි. මහණෙනි, මේ මල තුන යි. මහණෙනි, මේ මල තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ තුන්මල වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.