1. 15. 4.
චතුත්‍ථ ඒසනා සූත්‍රය
230. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවෝ පිරිසිඳ දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 5-8.
5-8 ඒසනා සූත්‍ර
231-234. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පිරිසිඳ දැනීම පිණිස … මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(අභිඤ්ඤාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 9-12.
9-12 ඒසනා සූත්‍ර
235-238. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝයි. මහණෙනි මේ තුන් ඒසනාවෝ ක්‍ෂය කිරීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුය. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරුවූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් ක්‍ෂය කිරීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේය.
(අභික්ඥාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 13-16.
13-16 ඒසනා සූත්‍ර
239-242 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්: කාමේසනා භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 17-32.
විධා සූත්‍ර
243-258. මහණෙනි, මේ විධා (-මාන) තුනෙකි. කවර තුනෙක යත් “මම ශ්‍රේෂ්ඨයෙමි”යි මානයෙකි. “මම සදෘශයෙමි”යි මානයෙකි. “මම හීනයෙමි”යි මානයෙකි. මහණෙනි, මේ මානතුනයි. මහණෙනි, මේ මාන තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ක්‍ෂය කිරීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මාන කොටස් තුන වෙසෙසින් දැනීම පිණිස පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සුතුරු මෙන් විතර කටයුතු)
1. 15. 33-48.
ආසව සූත්‍ර
259-274. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක යත්: කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 49-64.
භව සූත්‍ර
275-294. මහණෙනි, මේ භව තුනෙකි. කවර තුනෙක යත්: කාමභව රූපභව අරූපභව යි. මහණෙනි, මේ භව තුන යි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහුම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.