1. 15. 2.
දුතිය ඒසනා සූත්රය
228. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා භවේසනා බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ රාගය දුරලීමේ කෙළවර කොට ද්වේෂය දුරලීමේ, කෙළවර කොට මෝහය දුරලීමේ කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 3.
තතිය ඒසනා සූත්රය
229. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා, භවේසනා, බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යී. මහණෙනි, මේ තුන් එ්සනාවන් වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 4.
චතුත්ථ ඒසනා සූත්රය
230. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා, භවේසනා, බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවෝ පිරිසිඳ දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 5-8.
5-8 ඒසනා සූත්ර
231-234. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා භවේසනා බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පිරිසිඳ දැනීම පිණිස … මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(අභිඤ්ඤාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 9-12.
9-12 ඒසනා සූත්ර
235-238. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්; කාමේසනා, භවේසනා, බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝයි. මහණෙනි මේ තුන් ඒසනාවෝ ක්ෂය කිරීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුය. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරුවූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් ක්ෂය කිරීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේය.
(අභික්ඥාවාරය මෙන් විස්තර කටයුතු)
1. 15. 13-16.
13-16 ඒසනා සූත්ර
239-242 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්: කාමේසනා භවේසනා, බ්රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.