1. 15. 113-128.
නීඝ සූත්‍ර
339-354. මහණෙනි, මේ නීඝ (දුක්) තුනෙකි. කවර තුනෙක යත්: රාගනීඝ, දෝසනීඝ, මෝහනිඝ යි. මහණෙනි, මේ නීඝ තුන යි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස ... මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 129-144.
වේදනා සූත්‍ර
355-370. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක යත් සුවවේදනා දුක්වේදනා නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 15. 145-160.
තණ්හා සූත්‍ර
371-386. මහණෙනි, මේ තණ්හා තුනෙකි. කවර තුනෙක යත්: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යි. මහණෙනි, මොහු තුන් තණ්හාවෝ යි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සූත්‍ර මෙන් සියල්ල විතර කටයුතු)
පසොළොස්වැනි ඒසනාවර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
ඒසනා, විධා, ආසව, භව, ත්‍රිවිධ දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී ෂොඩසක දශයෙකි. හෙවත් සූත්‍ර එක්සිය සැටෙකි යි.
16. ඕඝ වර්‍ගය
1. 16. 1-16.
ඕඝ සූත්‍ර
387-402 මහණෙනි, මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කවර සතරෙක යත්: කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මහණෙනි, මොහු සිවු ඕඝයෝ යි. මහණෙනි, මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ඕඝයන් වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනාසූත්‍ර මෙන් සොළොස් සූත්‍රාන්ත විතරකටයුතුයි.)
1. 16. 17-32.
යෝග සූත්‍ර
403-418. මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමයෝග භවයෝග දිට්ඨියෝග අවිජ්ජායෝග යි. මහණෙනි, මේ යෝග සතර යි. මහණෙනි, මේ යෝග සතර වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු යෝගයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 33-48.
උපාදාන සූත්‍ර
419-434. මහණෙනි, මේ උපාදාන (දැඩි ගැනුම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යි. මහණෙනි, මේ උපාදාන සතර යි. මහණෙනි, මේ උපාදාන සතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු උපාදානයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේඅරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.