1. 12. 2.
දුතිය පාචීනනින්න සූත්‍රය
128. මහණෙනි, යම්සේ යමුනා නදිය පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 3.
තතිය පාචීනනින්න සූත්‍රය
129. මහණෙනි, යම්සේ අචිරවතී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 4.
චතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
130. මහණෙනි, යම්සේ සරභූ නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 5.
පඤ්චම පාචීනනින්න සූත්‍රය
131. මහණෙනි, යම්සේ මහී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්‍රය
132. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුණාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 12. 7.
සමුද්දනින්න සූත්‍රය
133. මහණෙනි, යම්සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 12. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
134. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 12. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
135. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.