1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්‍රය
110. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්‍රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 10.
චතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
112. මහණෙනි, යම්සේ සරභු නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 11.
පඤ්චම සමුද්දනින්න සූත්‍රය
113. මහණෙනි යම් සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 12.
ඡෂ්ඨ සමුද්දනින්න සූත්‍රය
114. මහණෙනි යම් කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු වෙති. යම්සේ ඒ හැම නදීහු මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසානය වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසානය වූ මෝහවිනය පර්‍ය්‍යවසානය වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
දුතිය ගඞ්ඟාපෙය්‍යාලය යි.
එහි සූත්‍ර නාමාවලිය:
පාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍රාන්ත කෙනෙක් වෙති. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.