1. 10. 4.
චතුත්ථ පාචීනනින්න සූත්රය
106. මහණෙනි, යම් සේ සරභූ ගඟ පැදුම්දිගට නැමුණි පැදුම් දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 5.
පඤ්චම පාචීනනින්න සූත්රය
107. මහණෙනි, යම්සේ මහී ගඟ පැදුම්දිගට නැමුණී පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 6.
ඡට්ඨ පාචීනනින්න සූත්රය
108. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද, ඔහු නම්: ගඞ්ඟා යමුනා අචිරවතී සරඟු මහී යන මොහු යි. යම්සේ ඒ සියල්ලෝ පැදුම්දිගට නැමුණාහු පැදුම්දිගට නැඹුරු වූවාහු පැදුම්දිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 7.
සමුද්දනින්න සූත්රය
109. මහණෙනි, යම් සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රාගවිනය පර්ය්යවසානය වූ ද්වේෂවිනය පර්ය්යවසානය වූ මෝහවිනය පර්ය්යවසානය වූ සම්යග්දෘෂ්ටිය වඩයි ... රාගවිනය පර්ය්යවසානය වූ ද්වේෂවිනය පර්ය්යවසානය වූ මෝහවිනය පර්ය්යවසානය වූ සම්යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ, අරීඅටඟිමඟ බහුල කරනුයේ, නිවනට නැමුණේ, නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
1. 10. 8.
දුතිය සමුද්දනින්න සූත්රය
110. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
1. 10. 9.
තතිය සමුද්දනින්න සූත්රය
111. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී, මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින්ම මහණ … නිවනට බර වූයේ වේ යයි.