9. 2. 1670-1725.
තාණ සූත්‍ර
2108-2163. මහණෙනි, තොපට (රැකවරණ ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1726-1781.
සරණ සූත්‍ර
2164-2219. මහණෙනි, තොපට (බිය නසන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 1782-1837.
පරායණ සූත්‍ර
2220-2275. මහණෙනි, තොපට (පිහිට වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මවිසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මවිසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙලශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසු ව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
(අසඞ්ඛත වාරය යම් සේ නම් එසේ විස්තර කට යුතු යි)
දෙවැනි දුතිය අසඞ්ඛත වර්‍ග යි.
එහි වාරනාමාවලිය:
අසඞ‍්ඛත, අන්ත, අනාසව, සච්ච, පාර, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලෝකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සන්ත,
අමත, පණීත, සිව, ඛේම, තණ්හක්ඛය, අච්ඡරිය අබ්භූත, අනීතික, අනීතික ධම්ම, නිබ්බාන
අබ්‍යාපජ‍්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලෙණ, තාණ, සරණ, පරායණවාරය යි [වාර තෙතිසෙකි. එක් එක් වාරයෙහි සූත්‍ර සපනස බැගින් අසඞ්ඛත සංයුත්තයෙහි සූත්‍ර මුළුල්ල 1848 කි. අසඞ්ඛත සංයුත්ත දෙවෙනි වර්‍ගයෙහි පමණක් සූත්‍ර 1837 කි.]
අසඞ්ඛත සංයුත්තය නිමියේ ය.