9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්රය
444. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්රය
445. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අනිමිත්තසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 8.
අප්පණිහිතසමාධි සූත්රය
446. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 9.
කායානුපස්සනා සූත්රය
447. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ ... අනුසාසනා යි.
9. 2. 10.
වේදනානුපස්සනා සූත්රය
448. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වේදනායෙහි වේදනා අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 11.
චිත්තානුපස්සනා සූත්රය
449. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත්හි සිත අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 12.
ධම්මානුපස්සනා සූත්රය
450. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි, මහණෙනි, මේ නිවන්මඟැයි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 13.
පඨමසම්මප්පධාන සූත්රය
451. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදවීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්රධන් වීර්ය්යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 14.
දුතිය සම්මප්පධාන සූත්රය
452. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ උපන් ලාමක අකුසල් දහම් ප්රහාණය පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත තර කොට ගනී, ප්රධන් වීර්ය්යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 15.
තතිය සම්මප්පධාන සූත්රය
453. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.