9. 2. 45.
සම්මාසමාධි සූත්‍රය
483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මවිසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිතවැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 46-101.
අන්ත සූත්‍ර සූත්‍රය
484-539. මහණෙනි, තොපට (තෘෂ්ණාවේ කෙළවර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: ... අනුශාසනා යි. (අසඞ්ඛත වාරය යම්සේ නම් එසේ විස්තර කට යුතු යි.)
9. 2. 102-157.
අනාසව සූත්‍ර
540-595. මහණෙනි, තොපට (ආස්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 158-213.
සච්ච සූත්‍ර
596-651. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ සත්‍යවූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 214-269.
පාර සූත්‍ර
652-707. මහණෙනි, තොපට (සසර පර තෙර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 270-325.
නිපුණ සූත්‍ර
708-763. මහණෙනි, තොපට (සියුම් ධර්‍මයවූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 326-381.
සුදුද්දස සූත්‍ර
764-819. මහණෙනි, තොපට (දක්නට ඉතා අපහසු ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 382-437.
අජර සූත්‍ර
820-875. මහණෙනි, තොපට (ජරාවෙන් දැදුරු නොවන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 438-493.
ධුව සූත්‍ර
876-931. මහණෙනි, තොපට (ස්ථීර ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 494-549.
අපලෝකිත සූත්‍ර
932-987. මහණෙනි, තොපට (නොනැසෙන ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 550-605.
අනිදස්සන සූත්‍ර
988-1043. මහණෙනි, තොපට (ඇසින් නොදැක්කහැකි ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 606-661.
නිප්පපඤ්ච සූත්‍ර
1044-1099. මහණෙනි, තොපට (තෘෂ්ණාදි ප්‍රපඤ්ච රහිත ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.