9. 2. 39.
සම්මාසඞ්කප්ප සූත්රය
477. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසඞ්කප්පය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 40.
සම්මාවාචා සූත්රය
478. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවාචාව වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 41.
සම්මාකම්මන්ත සූත්රය
479. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාකම්මන්තය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 42.
සම්මාආජීව සූත්රය
480. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාආජීවය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 43.
සම්මාවායාම සූත්රය
481. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවායාමය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 44.
සම්මාසති සූත්රය
482. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසතිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 45.
සම්මාසමාධි සූත්රය
483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්ෂයයෙක් ද්වේෂක්ෂයයෙක් මෝහක්ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මවිසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිතවැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල ශූන්යාගාර ඇත. මහණෙනි, ධ්යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 46-101.
අන්ත සූත්ර සූත්රය
484-539. මහණෙනි, තොපට (තෘෂ්ණාවේ කෙළවර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: ... අනුශාසනා යි. (අසඞ්ඛත වාරය යම්සේ නම් එසේ විස්තර කට යුතු යි.)
9. 2. 102-157.
අනාසව සූත්ර
540-595. මහණෙනි, තොපට (ආස්රව රහිත ධර්මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 158-213.
සච්ච සූත්ර
596-651. මහණෙනි, තොපට (පරමාර්ත්ථ සත්යවූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.
9. 2. 214-269.
පාර සූත්ර
652-707. මහණෙනි, තොපට (සසර පර තෙර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.