9. 2. 2.
විපස්සනා සූත්‍රය
440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි ... මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 3.
සවිතක්කසවිචාර සූත්‍රය
441. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතක්කසවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 4.
අවිතක්කවිචාරමත්ත සූත්‍රය
442. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කවිචාරමත්ත සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 5.
අවිතක්කඅවිචාර සූත්‍රය
443. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කඅවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 6.
සුඤ්ඤතසමාධි සූත්‍රය
444. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 7.
අනිමිත්තසමාධි සූත්‍රය
445. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අනිමිත්තසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 8.
අප්පණිහිතසමාධි සූත්‍රය
446. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 9.
කායානුපස්සනා සූත්‍රය
447. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ ... අනුසාසනා යි.
9. 2. 10.
වේදනානුපස්සනා සූත්‍රය
448. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වේදනායෙහි වේදනා අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.