9. 2. 17.
ඡන්‍දිද්ධිපාද සූත්‍රය
455. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 18.
විරියද්ධිපාද සූත්‍රය
456. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වීර්‍ය්‍යය ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 19.
චිත්තිද්ධිපාද සූත්‍රය
457. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 20.
විමංසිද්ධිපාද සූත්‍රය
458. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රඥාව ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 21.
සද්ධින්‍ද්‍රිය සූත්‍රය
459. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 22.
විරියින්‍ද්‍රිය සූත්‍රය
460. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 23.
සතින්‍ද්‍රිය සූත්‍රය
461. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 24.
සමාධින්‍ද්‍රිය සූත්‍රය
462. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 25.
පඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
463. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 26.
සද්ධාබලන්‍ද්‍රිය සූත්‍රය
464. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සද්ධාබලය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.