9. 2. 14.
දුතිය සම්මප්පධාන සූත්‍රය
452. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත තර කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 15.
තතිය සම්මප්පධාන සූත්‍රය
453. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 16.
චතුත්‍ථ සම්මප්පධාන සූත්‍රය
454. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස භාවනාවෙහි පිරීම පිණිස ඡන්‍දය දනවයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 17.
ඡන්‍දිද්ධිපාද සූත්‍රය
455. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 18.
විරියද්ධිපාද සූත්‍රය
456. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වීර්‍ය්‍යය ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.
9. 2. 19.
චිත්තිද්ධිපාද සූත්‍රය
457. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 20.
විමංසිද්ධිපාද සූත්‍රය
458. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රඥාව ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.