9. 1. 11.
මග්ගඞ්ග සූත්‍රය
438. ... මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: අරිඅටඟිමඟ යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන් කෙරෙහි හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, මා විසින් එය තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
පළමුවැනි අසඞ්ඛත වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
කායගතාසති, සමථ විපස්සනා, සවිතක්කසවිචාර, සුඤ්ඤතසමාධි, සතිපට්ඨාන, සම්මප්පධාන, ඉද්ධිපාද, ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග යි සූත්‍ර එකොළොසෙකි.
2. දුතිය අසඞ්ඛත වර්‍ගය
9. 2. 1.
අසඞ්ඛත සූත්‍රය
439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය යි. මහණෙනි, මේ නිවන්මගැ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය තොපට මා විසින් කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමා වවු, පසු ව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 2.
විපස්සනා සූත්‍රය
440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි ... මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 2. 3.
සවිතක්කසවිචාර සූත්‍රය
441. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතක්කසවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.
9. 2. 4.
අවිතක්කවිචාරමත්ත සූත්‍රය
442. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කවිචාරමත්ත සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.