9. 1. 1.
කායගතාසති සූත්‍රය
428. මහණෙනි, තොපට අසඞ්ඛතය (නිවන) ද, අසඞ්ඛත (නිවන්) මඟ ද දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, අසඞ්ඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය අසඞ්ඛත යි කියනු ලැබේ. මහණෙනි, අසඞ්ඛත මඟ කවරේ ද යත්: කායගතාසති යි. මහණෙනි, මේ අසඞ්ඛත මඟ යි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ තොපට මා විසින් අසඞ්ඛතය දෙසන ලදි. අසඞ්ඛත මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම්, එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල්, ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 1. 2.
සමථවිපස්සනා සූත්‍රය
429. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවන ය යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය ද විදර්‍ශනාව ද යන දෙක යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. ... මේ තොපට අපගේ අනුශාසනා යි.
9. 1. 3.
සවිතක්කසවිචාර සූත්‍රය
430. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක්, ද්වේෂක්‍ෂයයෙක්, මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මෙය නිවන යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතර්‍කසවිචාරසමාධි ය, අවිතර්‍කවිචාරමාත්‍රසමාධිය, අවිතර්‍කඅවිචාරසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟ යි කියනු ලැබේ ... අනුශාසනා යි.
9. 1. 4.
සුඤ්ඤතසමාධි සූත්‍රය
431. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි ය, අනිමිත්තසමාධි ය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 5.
සතිපට්ඨාන සූත්‍රය
432. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සීවටන්හු ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 6.
සම්මප්පධාන සූත්‍රය
433. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර සම්මප්පධානයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 7.
ඉද්ධිපාද සූත්‍රය
434. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සතර ඉද්ධිපාදයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 8.
ඉන්‍ද්‍රිය සූත්‍රය
435. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච ඉන්‍ද්‍රියෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 9.
බල සූත්‍රය
436. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: පඤ්ච බලයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.
9. 1. 10.
බොජ්ඣඞ්ග සූත්‍රය
437. ... මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සත්ත බොජ්ඣඞ්ගයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.