4. 1. 9.
අවිජ්ජා සූත්රය
324. ඇවැත්නි ශාරීපුත්රයෙනි, අවිද්යා අවිද්යා යි කියනු ලැබේ. ඇවැත්නි අවිද්යාව කවර දැයි. ඇවැත්නි, දුක්ඛයෙහි යම් නො දැනීමෙක්, දුක්ඛසමුදයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි නො දැනීමෙක් වේ නම්, ඇවැත්නි, මේ අවිද්යාව යයි කියනු ලැබේ. ඇවැත්නි, මේ අවිද්යා ප්රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමාවීමට සුදුසු යි.
4. 1. 10.
තණ්හා සූත්රය
325. ඇවැත්නි ශාරීපුත්රයෙනි, තණ්හා තණ්හා යි කියනු ලැබේ. ඇවැත්නි තණ්හාව කවර යි. ඇවැත්නි මේ තණ්හා තුනෙකි. කාමතණ්හා ය, භවතණ්හා ය, විභව තණ්හා ය යි. ඇවැත්නි, මේ තණ්හා තුන යි. ඇවැත්නි මේ තණ්හා ප්රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ තණ්හා ප්රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ ද යි. ඇවැත්නි, මේ තණ්හා ප්රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ තණ්හා ප්රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 11.
ඕඝ සූත්රය
326. ඇවැත්නි ශාරීපුත්රයෙනි, ඕඝ යැ යි ඕඝ යැ යි කියනු ලැබේ. ඇවැත්නි, ඕඝය කවරේ දැ යි. ඇවැත්නි, ඕඝ සතරෙකි, කාමෝඝ ය භවොඝ ය දිට්ඨොඝ ය අවිජ්ජොඝ ය යි. ඇවැත්නි, මේ ඕඝ සතර යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස මගෙක් ඇද් ද, පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ ඕඝ ප්රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 12.
උපාදාන සූත්රය
327. ඇවැත්නි ශාරීපුත්රයෙනි, උපාදාන උපාදානැ යි කියනු ලැබේ. ඇවැත්නි, උපාදාන කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන සතරෙකි, කාමූපාදාන ය, දිට්ඨූපාදාන ය, සීලබ්බතූපාදනය, අත්තවාදූපාදාන ය යි. ඇවැත්නි, මේ උපාදාන සතර යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උපාදාන ප්රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමාවීමට සුදුසු යි.