4. 1. 5.
අස්සාස සූත්රය
320. ඇවැත්නි ශාරීපුත්රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 6.
පරමස්සාස සූත්රය
321. ඇවැත්නි ශාරීපුත්රයෙනි, උතුම් අස්වැසුමට පැමිණියේ උතුම් අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්රයෙනි, කෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, ඇවැත්නි, මෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වෙයි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ අරිඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 7.
වේදනා සූත්රය
322. ඇවැත්නි ශාරීපුත්රයෙනි, වේදනා වේදනා වේදනා යි කියනු ලැබේ. ඇවැත්නි, වේදනා කවරහු දැ යි. ඇවැත්නි, මේ වේදනා තුනෙකි, සුව වේදනා ය, දුක වේදනා ය, මැදහත් වේදනා ය යි. ඇවැත්නි, මේ වේදනා තුන යි. ඇවැත්නි, මේ වේදනා තුන පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද් ද පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.
ඇවැත්නි මේ වේදනා, පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, වේදනා පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 8.
ආසව සූත්රය
323. ඇවැත්නි ශාරීපුත්රයෙනි, ආස්රව ආස්රවැ යි කියනු ලැබේ. ඇවැත්නි, ආස්රව කවරේදැ යි. ඇවැත්නි මේ ආස්රව තුනෙකි. කාමාස්රව ය භවාස්රව ය අවිද්යාස්රව ය යි. ඇවැත්නි මේ ආස්රව තුන යි. ඇවැත්නි මේ ආස්රවයන් ප්රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇද්ද යි. ඇවැත්නි, මේ ආස්රවයන් ප්රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි මේ ආස්රවයන් ප්රහාණය පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ආස්රවයන් ප්රහාණය පිණිස මේ අරිඅටඟිමග ම ය. එනම්: සම්මාදිට්ඨි ය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ආස්රවයන් ප්රහාණය පිණිස මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි ආස්රවයන් ප්රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 9.
අවිජ්ජා සූත්රය
324. ඇවැත්නි ශාරීපුත්රයෙනි, අවිද්යා අවිද්යා යි කියනු ලැබේ. ඇවැත්නි අවිද්යාව කවර දැයි. ඇවැත්නි, දුක්ඛයෙහි යම් නො දැනීමෙක්, දුක්ඛසමුදයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධයෙහි නො දැනීමෙක්, දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙහි නො දැනීමෙක් වේ නම්, ඇවැත්නි, මේ අවිද්යාව යයි කියනු ලැබේ. ඇවැත්නි, මේ අවිද්යා ප්රහාණය පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස මේ අරීඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අවිද්යාව ප්රහාණය පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමාවීමට සුදුසු යි.