4. 1. 2.
අරහත්ත සූත්රය
317. ඇවැත්නි, ශාරිපුත්රයෙනි, රහත්බව, රහත්බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, රහත්බව කවරේ දැ යි. ඇවැත්නි, යම් රාගය දුරලීමෙක් දෝසය දුරලීමෙක් මෝහය දුරලීමෙක් වේ නම් මේ රහත් බවැ යි කියනු ලැබේ. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇද්ද, පිළිවෙතෙක් ඇද්දැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක්කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ අරී අටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට මේ ඇති මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රහත්බව පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමාවිමට සුදුසු යි.
4. 1. 3.
ධම්මවාදී සූත්රය
318. ඇවැත්නි ශාරීපුත්රයෙනි, ලොව ධර්මවාදීහු කවරහු ද ලොව සුපටිපන්න කවරහු ද? ලොව සුගත කවරහු දැ යි. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්රහාණය පිණිස දහම් දෙසත් ද, දෝස ප්රහාණය පිණිස දහම් දෙසත් ද, මෝහ ප්රහාණය පිණිස දහම් දෙසත් ද, ඔහු ලොව ධර්මවාදීහු ය. ඇවැත්නි, යම් කෙනෙක් රාග ප්රහාණය පිණිස පිළිපන්නාහු ද, දෝස ප්රහාණය පිණිස පිළිපන්නාහු ද, මෝහ ප්රහාණය පිණිස පිළිපන්නාහු ද, ඔහු ලොව සුපටිපන්නයෝ ය. ඇවැත්නි, යම් කෙනකුන්ගේ රාගය ප්රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුන සුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද; දෝසය ප්රහීණ වී ද, උසුන්මුල් ඇත්තේ ද, මුදුනසුන් තල් රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නුපදීනා ස්වභාව ඇත්තේ ද; මෝහය ප්රහීණ ද, උසුන් මුල් ඇත්තේ ද, මුදුනසුන් තල්රුකක් මෙන් කරන ලද්දේ ද, පුන පුනා නො වීම කරන ලද්දේ ද, මතු නූපදනා ස්වභාව ඇත්තේ ද ඔහු ලොව සුගතයෝ යි.
ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්රහාණයට මගෙක් ඇත්ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය මෝහය ප්රහාණයට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්රහාණයට මග කවරේ ද පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ රාගය, දෝසය, මෝහය ප්රහාණයට මේ අරී අටගඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධි ය යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්රහාණයට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ රාගය දෝසය මෝහය ප්රහාණයට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 4.
කිමත්ථිය සූත්රය
319. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, කුමක් පිණිස මහණ ගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ යි. ඇවැත්නි දුක පිරිසිඳ දැනීම පිණිස භාග්යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත් දැයි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අරී අටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.