4. 1. 13.
භව සූත්රය
328. ඇවැත්නි ශාරීපුත්රයෙනි, භව භවැ යි කියනු ලැබේ. ඇවැත්නි, භව කවරේ දැ යි. ඇවැත්නි භව තුනෙකි. කාමභව ය, රූපභව ය, අරූපභව ය යි. ඇවැත්නි, මේ භව තුන යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ මගම යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 14.
දුක්ඛ සූත්රය
329. ඇවැත්නි ශාරීපුත්රයෙනි, දුක දුකැ යි කියනු ලැබේ. ඇවැත්නි දුඛ කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් තුනෙකි. දුක්ඛදුක්බව ය, සඞ්ඛාරදුක්බව ය, විපරිණාමදුක්බව ය යි. ඇවැත්නි, මේ දුක් බැව් තුන යි. ඇවැත්නි, මේ දුක් බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 15.
සක්කාය සූත්රය
330. ඇවැත්නි, ශාරීපුත්රයෙනි, සත්කාය සත්කාය යි කියනු ලැබේ. ඇවැත්නි, සත්කාය කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදානස්කන්ධ පස සත්කාය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූපූපාදානස්කන්ධය, වේදනූපාදානස්කන්ධය, සඤ්ඤූපාදානස්කන්ධය, සඞ්ඛාරූපාදානස්කන්ධය, විඤ්ඤාණූපාදානස්කන්ධය යි. ඇවැත්නි, මේ උපාදානස්කන්ධ පස සත්කාය ය යි භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්දැ යි.
ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මග කවරේද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟි මග ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 16.
දුක්කර සූත්රය
331. ඇවැත්නි ශාරීපුත්රයෙනි, මෙ සස්නෙහි කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, මේ සස්නෙහි පැවිද්ද දුෂ්කර ය. ඇවැත්නි පැවිද්දා විසින් කුමක් දුෂ්කරදැ යි. ඇවැත්නි පැවිද්දා විසින් (පැවිද්දෙහි) ඇල්ම දුෂ්කරය. ඇවැත්නි (පැවිද්දෙහි) ඇලුනහු විසින් කුමක් දුෂ්කර දැ යි. ඇවැත්නි, (පැවිද්දෙහි) ඇලුනහු විසින් ධර්මානුධර්ම ප්රතිපත්තිය දුෂ්කර ය. ඇවැත්නි ධර්මානුධර්මප්රතිපන්න මහණ කොපමණ කලකින් රහත් වන්නේ දැ යි. ඇවැත්නි නොබෝ කලකිනි යි.
ජම්බුඛාදක සංයුත්තය නිමියේ යි.
එහි සූත්රනාමාවලිය:
නිබ්බාන, අරහත්ත, ධම්මවාදි, කිමත්ථිය, අස්සාස, පරමස්සාස, වේදනා, ආසව, එසේම අවිජ්ජා, තණ්හා, ඕඝ, උපාදාන, භව, දුක්ඛ, සක්කාය, දුක්කර යයි සූත්ර සොළොසෙකි.