4. 1. 11.
ඕඝ සූත්‍රය
326. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, ඕඝ යැ යි ඕඝ යැ යි කියනු ලැබේ. ඇවැත්නි, ඕඝය කවරේ දැ යි. ඇවැත්නි, ඕඝ සතරෙකි, කාමෝඝ ය භවොඝ ය දිට්ඨොඝ ය අවිජ්ජොඝ ය යි. ඇවැත්නි, මේ ඕඝ සතර යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇද් ද, පිළිවෙතෙක් ඇද් දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ ඕඝ ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 12.
උපාදාන සූත්‍රය
327. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උපාදාන උපාදානැ යි කියනු ලැබේ. ඇවැත්නි, උපාදාන කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන සතරෙකි, කාමූපාදාන ය, දිට්ඨූපාදාන ය, සීලබ්බතූපාදනය, අත්තවාදූපාදාන ය යි. ඇවැත්නි, මේ උපාදාන සතර යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස මේ මග යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උපාදාන ප්‍රහාණය පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමාවීමට සුදුසු යි.
4. 1. 13.
භව සූත්‍රය
328. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, භව භවැ යි කියනු ලැබේ. ඇවැත්නි, භව කවරේ දැ යි. ඇවැත්නි භව තුනෙකි. කාමභව ය, රූපභව ය, අරූපභව ය යි. ඇවැත්නි, මේ භව තුන යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත් දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස මේ මගම යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ භව පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 14.
දුක්ඛ සූත්‍රය
329. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, දුක දුකැ යි කියනු ලැබේ. ඇවැත්නි දුඛ කවරේ දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් තුනෙකි. දුක්ඛදුක්බව ය, සඞ්ඛාරදුක්බව ය, විපරිණාමදුක්බව ය යි. ඇවැත්නි, මේ දුක් බැව් තුන යි. ඇවැත්නි, මේ දුක් බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත් ද, පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇත, පිළිවෙතෙක් ඇතැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මග කවරේ ද, පිළිවෙත කවරේදැ යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස මේ මඟ යි, මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ දුක්බැව් පිරිසිඳ දැනීම පිණිස සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
4. 1. 15.
සක්කාය සූත්‍රය
330. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, සත්කාය සත්කාය යි කියනු ලැබේ. ඇවැත්නි, සත්කාය කවරේ දැ යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. එනම්: රූපූපාදානස්කන්‍ධය, වේදනූපාදානස්කන්‍ධය, සඤ්ඤූපාදානස්කන්‍ධය, සඞ්ඛාරූපාදානස්කන්‍ධය, විඤ්ඤාණූපාදානස්කන්‍ධය යි. ඇවැත්නි, මේ උපාදානස්කන්‍ධ පස සත්කාය ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යි. ඇවැත්නි, මේ සත්කාය පිරිසිඳ දැනීම පිණිස මගෙක් ඇද්ද, පිළිවෙතක් ඇද්දැ යි.