3. 2. 7.
සීලවන්ත සූත්‍රය
301. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. සිල්වත් වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 8.
බහුස්සුත සූත්‍රය
302. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. බොහෝ ඇසු පිරූ තැන් ඇති වෙයි, පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 9.
ආරද්ධවීරිය සූත්‍රය
303. මහණෙනි, දහම්පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඇරඹු වෙර ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 10.
උපට්ඨිතස්සති සූත්‍රය
304. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. එළඹ සිටි සිහි ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 11.
පඤ්චසීල සූත්‍රය
305. මහණෙනි, මේ දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණේ වෙයි. අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
දෙවැනි අනුරුද්ධ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අනුරුද්ධ, අක්කෝධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිවාරී, සීලවන්ත, බහුස්සුත, ආරද්ධවීරිය, උපට්ඨීතසති, පඤ්චසීලය යි. ශුක්ලපක්‍ෂයෙහි සූත්‍ර එකොළොසෙක් පවසන ලදී.