3. 2. 2.
අක්කෝධන සූත්‍රය
296. මහණෙනි දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. නො කිපෙනසුලු වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 3.
අනුපනාහී සූත්‍රය
297. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. ලජ්ජා ඇති වෙයි. බිය ඇති වෙයි. බැඳි වෙර නැති වෙයි. නුවණැති වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 4.
අනිස්සුකී සූත්‍රය
298. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. ඊර්‍ෂ්‍යා රහිත වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 5.
ආමච්ඡරී සූත්‍රය
299. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. නො මසුරු වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 6.
අනතිචාරී සූත්‍රය
300. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙ යි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. (සැමියා) ඉක්ම නො හැසිරෙන්නී වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 7.
සීලවන්ත සූත්‍රය
301. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. සිල්වත් වෙයි. පැනවත් වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.