3. 2. 10.
උපට්ඨිතස්සති සූත්‍රය
304. මහණෙනි, දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: සැදැහැ ඇති වෙයි. හිරි ඇති වෙයි. ඔතප් ඇති වෙයි. එළඹ සිටි සිහි ඇති වෙයි. පැනවත් වෙයි. මහණෙනි මේ පස්දහමින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
3. 2. 11.
පඤ්චසීල සූත්‍රය
305. මහණෙනි, මේ දහම් පසෙකින් යුතු මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණෙයි. කවර පසෙකින් ද යත්: පණිවායෙන් වැළකුණේ වෙයි. අයිනාදනින් වැළකුණේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මේ පස්දහමින් යුත් මාගම කාබුන් මරණින් මතු සුගති වූ සගලොවට පැමිණේ යි.
දෙවැනි අනුරුද්ධ වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
අනුරුද්ධ, අක්කෝධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිවාරී, සීලවන්ත, බහුස්සුත, ආරද්ධවීරිය, උපට්ඨීතසති, පඤ්චසීලය යි. ශුක්ලපක්‍ෂයෙහි සූත්‍ර එකොළොසෙක් පවසන ලදී.
3. බල වර්‍ගය
3. 3. 1.
සුද්ධ සූත්‍රය
306. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලයි. මහණෙනි, මේ මාගමගේ බල පස යි.
3. 3. 2.
විසාරද සූත්‍රය
307. මහණෙනි, මාගමට මේ බල පසෙකි, කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම විසාරද ව ගෙහි වෙසේ යි.
3. 3. 3.
පසය්හ සූත්‍රය
308. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබල යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා මැඬ ගෙහි වෙසේ යි.
3. 3. 4.
අභිභුය්‍ය සූත්‍රය
309. මහණෙනි, මාගමට මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: රූපබලය, භෝගබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යි. මහණෙනි, මේ මාගමගේ බල පස යි. මහණෙනි මේ බලපසින් යුතු මාගම සැමියා යටත් කොට ගෙන පවතියි.
මහණෙනි, එක්බලයකිනුදු යුතු පුරුෂ තෙමේ මාගම යටත් කොට ගෙන පවතියි. කවර එකෙකින්ද යත්: ඉසුරු බෙලෙනි. මහණෙනි, ඉසුරු බෙලෙන් මඬනා ලද මාගම රූපබලය නො ම රකී. භෝගබලය නො ම රකී. ඤාතිබලය නො ම රකී. පුත්‍රබලය නො ම රකී. සීල බලය නො ම රකී යි.