10. 1. 4.
සමුදය සූත්රය
2279. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට හේතු කිම? ප්රත්යය කිමැ?යි. ඇවැත්නි, රූපය තතු සේ නො දන්නා නො දක්නා, රූප සමුදය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
වේදනාව තතු සේ නො දන්නා නො දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන සමුදය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධය තතු සේ නො දන්නා නො දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ නො දන්නා නො දක්නා ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි වෙයි. ඔහුට සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වෙයි.
ඇවැත්නි, රූපය තතු සේ දන්නා දක්නා, රූප සමුදය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධය තතු සේ දන්නා දක්නා, රූප නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වෙයි. වේදනාව තතු සේ දන්නා දක්නා, වේදනා සමුදය ... සංඥාව ... සංස්කාර ... විඥානය තතු සේ දන්නා දක්නා, විඥාන සමුදය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධය තතු සේ දන්නා දක්නා, විඥාන නිරෝධගාමිනීපටිපදාව තතු සේ දන්නා දක්නා ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්වයා මරණින් මතු නො වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්වයා මරණින් මතු වේ, නො ද වේ යයි ද ලබ්ධි නො වෙයි. සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි යම් හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු යැ. මේ ප්රත්යය යි.
10. 1. 5.
පෙම සූත්රය
2280. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති ... ඇවැත්නි, යම් හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම්, එයට හේතු කිම? ප්රත්යය කිමැ?යි. ඇවැත්නි, රූපයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්ද ඇති, නො පහ වූ ප්රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
වේදනාවෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්ද ඇති, නො පහ වූ ප්රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ... සංඥාවෙහි ... සංස්කාරයන්හි … විඥානයෙහි නො පහ වූ රාග ඇති, නො පහ වූ ඡන්ද ඇති, නො පහ වූ ප්රේම ඇති, නො පහ වූ පවස් ඇති, නො පහ වූ පරිදාහ ඇති, නො පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි වෙයි ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි වේ.
ඇවැත්නි, රූපයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්ද ඇති, පහ වූ ප්රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්වයා මරණින් මතු නොම වේ නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. වේදනාවෙහි ... සංඥාවෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි පහ වූ රාග ඇති, පහ වූ ඡන්ද ඇති, පහ වූ ප්රේම ඇති, පහ වූ පවස් ඇති, පහ වූ පරිදාහ ඇති, පහ වූ තෘෂ්ණා ඇති ඔහුට සත්ත්වයා මරණින් මතු වේ යයි ද ලබ්ධි නො වෙයි ... සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි ද ලබ්ධි නො වේ. ඇවැත්නි, යම් හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නො වදාරන ලද්දේ නම් එයට මේ හේතු ය, මේ ප්රත්යය යි.
10. 1. 6.
ආරාම සූත්රය
2281. එක් කලෙක ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝත් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝත් බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල පලසමවතින් නැගීසිටි සේක් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, කොට්ඨිතයෙනි, කිම සත්ත්වයා මරණින් මතු වේ දැ? යි ... ඇවැත්නි, කිම සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ඇවැත්නි, සත්ත්වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යයි මෙය ද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදැ යි කියවු. ඇවැත්නි යම් හෙයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලද නම් එයට හේතු කිම, ප්රත්ය කිමැ? යි.