1. 7. 4.
සමිද්ධි සත්තපඤ්හ සූත්රය
66. රජගහනුවර–
“වහන්ස, ‘සත්ත්ව’ යැ ‘සත්ත්ව’ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කිපමණෙකින් ‘සත්ත්ව’ හෝ ‘සත්ත්වප්රඥප්ති’ හෝ වන්නේ දැ” යි.
සමිද්ධිය, යම් තැනෙක, චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥාන ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ව හෝ සත්ත්වප්රඥප්ති ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්රඥප්ති ඇත ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්රඥප්ති ඇති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්ෂුර්විඥාන නැද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්රඥප්ති නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද, ජිහ්වාවිඥාන නැද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්රඥප්ති නැත ... මනස නැද්ද, ධර්මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි සත්ත්ව හෝ සත්ත්වප්රඥප්ති නැතැ’යි.
1. 7. 5.
සමිද්ධි දුක්ඛපඤ්හ සූත්රය
67. වහන්ස, ‘දුඃඛ යැ දුඃඛ යැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥාන ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති’ හෝ ඇත ... ජිව්හා ඇද්ද, රසයෝ ඇද්ද, ජිහ්වාවිඥානය ඇද්ද, ජිහ්වාවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති’ ඇත ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති’ ඇති.
තවද සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස නැද්ද, රූපයෝ නැද්ද, චක්ෂුර්විඥාන නැද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති, හෝ නැත ... ජිහ්වා නැද්ද, රසයෝ නැද්ද … මනස නැද්ද, ධර්මයෝ නැද්ද, මනෝවිඥාන නැද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් නැද්ද, එහි ‘දුඃඛ’ හෝ ‘දුඃඛප්රඥප්ති’ හෝ නැති.
1. 7. 6.
සමිද්ධි ලෝකපඤ්හ සූත්රය
68. වහන්ස, ‘ලෝක’ යැ ‘ලෝක’ යැ යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ හෝ වන්නේ දැ’යි.
සමිද්ධිය, යම් තැනෙක චක්ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්ෂුර්විඥාන ඇද්ද, චක්ෂුර්විඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ හෝ ඇත ... ජිහ්වා ඇද්ද, රසයෝ ඇද්ද ... මනස ඇද්ද, ධර්මයෝ ඇද්ද, මනෝවිඥාන ඇද්ද, මනෝවිඥානයෙන් දතයුතු දහම් ඇද්ද, එහි ‘ලෝක’ හෝ ‘ලෝකප්රඥප්ති’ ඇත.