1. 6. 6.
අනුසයප්පහාන සූත්රය
58. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය ප්රහීණ වේ දැ? යි.
මහණ, චක්ෂුස අනිත්ය විසින් දන්නහුට දක්නහුට අනුසය ප්රහීණ වේ. රූප ... චක්ෂුර්විඥානය ... චක්ෂුසංස්පර්ශය ... මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්ය විසින් දනන්හුට දක්නහුට අනුසය ප්රහීණ වේ.
මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය ප්රහීණ වේ යි.
1. 6. 7.
අනුසයසමුග්ඝාත සූත්රය
59. සැවැත්නුවර–
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ. රූප ... චක්ෂුර්විඥානය ... චක්ෂුස්සංස්පර්ශය ... මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ.
මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය සහමුලින් නැසීමට යේ යි.
1. 6. 8.
සබ්බුපාදානපරිඤ්ඤා සූත්රය
60. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්මය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිණිස වූ ධර්මය කවරේ ද යත්:
ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
කනත් ශබ්දයත් නිසා සෝතවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙම කනෙහිත් කලකිරෙයි. ශබ්දයන්හිත් කලකිරෙයි. සෝතවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි සෝතසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදාන පිරිසිඳ දන්නා ලදැ යි දැනගනී.
නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශය යි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ නැහැයෙහිත් කලකිරෙයි. ගඳෙහිත් කලකිරෙයි. ඝානවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝානසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.
දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව වේ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ දිවෙහිත් කලකිරෙයි. රසෙහිත් කලකිරෙයි. ජිව්හාවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හාසම්ඵස්සයෙහිත් කලකිරෙයි. වේදනායෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදීමෙන් මා විසින් උපාදානය පිරිසිඳ දන්නා ලදැ යි දැන ගනී.