1. 6. 3.
සංයෝජන සමුග්ඝාත සූත්රය
55. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. රූප අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් ම නැසීමට යේ. චක්ෂුස්සංසපර්ෂය අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ. චක්ෂුස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ … මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ.
මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට සංයෝජන සහමුලින් නැසීමට යේ යි.
1. 6. 4.
ආසවපහාන සූත්රය
56. සැවැත්නුවර–
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්රව ප්රහීණ වේ දැ? යි.
මහණ, චක්ෂුස අනිත්ය විසින් දන්නහුට දක්නහුට ආස්රව ප්රහීණ වේ. රූ ... චක්ෂුර්විඥානය ... චක්ෂුස් සංස්පර්ශය ... මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්ය විසින් දන්නහුට දක්නහුට ආස්රව ප්රහීණ වේ.
මහණ, මෙසේ දන්නහුට දක්නහුට ආස්රව ප්රහීණ වේ යි.
1. 6. 5.
ආසවසමුග්ඝාත සූත්රය
57. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට ආස්රව සහමුලින් නැසීමට යේ දැ? යි.
මහණ, චක්ෂුස අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්රව සහමුලින් නැසීම යේ. රූප ... චක්ෂුර්විඥානය ... චක්ෂුස්සංස්පර්ශය ... මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනාත්ම විසින් දන්නහුට දක්නහුට ආස්රව සහමුලින් ම නැසීමට යේ.
මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට ආස්රව සහමුලින් නැසීමට යේ යි.
1. 6. 6.
අනුසයප්පහාන සූත්රය
58. වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට අනුසය ප්රහීණ වේ දැ? යි.
මහණ, චක්ෂුස අනිත්ය විසින් දන්නහුට දක්නහුට අනුසය ප්රහීණ වේ. රූප ... චක්ෂුර්විඥානය ... චක්ෂුසංස්පර්ශය ... මනස්සංස්පර්ශය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එ ද අනිත්ය විසින් දනන්හුට දක්නහුට අනුසය ප්රහීණ වේ.
මහණ මෙසේ දන්නහුට මෙසේ දක්නහුට අනුසය ප්රහීණ වේ යි.