1. 5. 10.
උපස්සට්ඨ සූත්රය
52. මහණෙනි, සියල්ල පීඩා සහිත ය. මහණෙනි, කවර සියල්ලක් පීඩා සහිත ද යත්:
මහණෙනි, ඇස උවදුරු සහිත ය, රූපයෝ උවදුරු සහිතයහ, චක්ඛුවිඤ්ඤාණය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය උවදුරු සහිත ය, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හේ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය. කන ...
දිව උවදුරු සහිත ය. රස උවදුරු සහිත ය, ජිව්හාවිඤ්ඤාණය උවදුරු සහිත ය. ජිව්හාසම්ඵස්සය උවදුරු සහිත ය, ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
මනස උවදුරු සහිත ය. දහම් උවදුරු සහිත ය, මනෝවිඤ්ඤාණය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය උවදුරු සහිත ය. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද උවදුරු සහිත ය.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගනී යි.
පස්වන සබ්බානිච්ච වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
අනිච්ච, දුක්ඛ, අනත්ත, අභිඤ්ඤෙය්ය, පරිඤ්ඤෙය්ය, පහාතබ්බ, සච්ඡිකාතබ්බ, අභිඤ්ඤෙය්යපරිඤ්ඤෙය්ය, උපද්දුත, උපස්සට්ඨ යන සූත්රදශයෙන් වර්ගය කියනු ලැබේ.
පළමු වන පණ්ණාසක යි.
එහි වර්ගනාමාවලිය:
අනිච්ච වර්ගය, යමක වර්ගය, සබ්බ වර්ගය, ජාතිධම්ම වර්ගය යන මොහු ඒ සබ්බානිච්ච වර්ගයෙන් පළමු වන පණ්ණාසකය කියනු ලැබේ.