1. 17. 13-15.
බාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛඡන්දරාග සූත්ර
180-182. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් දුක් ද යත්: මහණෙනි රූපයෝ දුක් හ, එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්ධයෝ ... රසයෝ ... ස්ප්රෂ්ටව්යයෝ ... දහම්හු දුක්හ, එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු යි.
1. 17. 16-18.
බාහිරානත්තඡන්ද - බාහිරානන්තරාග - බාහිරානන්තඡන්දරාග සූත්ර
183-185. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්දරාගය දුරු කටයුතු ය. මහණෙනි කිමෙක් අනාත්ම ද යත්: මහණෙනි රූපයෝ අනාත්මහ, එහි ලා තොපගේ ඡන්දය දුරු කටයුතු ය, රාගය දුරුකට යුතු ය, ඡන්දරාගය දුරු කටයුතු ය. ශබ්දයෝ ... ගන්ධයෝ ... රසයෝ ... ස්ප්රෂ්ටව්යයෝ ... දහම්හු අනාත්මහ, එහි ලා තොපගේ ඡන්දය දුරු කටයුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්දරාගය දුරු කටයුතු ය. මහණෙනි යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්දය දුරු කට යුතු ය, රාගය දුරු කටයුතු ය, ඡන්දරාගය දුරු කටයුතු යි.
1. 17. 19.
අතීතානිච්ච සූත්රය
186. මහණෙනි අතීත වූ චක්ෂුස අනිත්ය ය, අතීත වූ ශ්රෝත්රය අනිත්ය ය, අතීත වූ ඝ්රාණය අනිත්ය ය, අතීත වූ ජිහ්වාව අනිත්ය ය, අතීත වූ කය අනිත්ය ය, අතීත වූ මනස අනිත්ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු (ආර්ය්යශ්රාවක) චක්ෂුස කෙරෙහිත් කලකිරෙයි, ශ්රෝත්රය කෙරෙහිත් කලකිරෙයි, ඝ්රාණය කෙරෙහිත් කලකිරෙයි, ජිහ්වාව කෙරෙහිත් කලකිරෙයි, කයෙහිත් කලකිරෙයි, මනස කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇලුම් හෙයින් මිදෙයි, මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමැවිණ, කටයුතු කරන ලදි, මේ රහත්බව පිණිස කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
1. 17. 20.
අනාගතානිච්ච සූත්රය
187. මහණෙනි, අනාගත චක්ෂුස අනිත්ය ය, අනාගත ශ්රෝත්රය ... ඝ්රාණය ... ජිහ්වාව අනිත්ය ය, අනාගත කය ... මනස අනිත්ය ය මහණෙනි මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක චක්ෂුසෙහි කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 21.
පච්චුප්පන්නානිච්ච සූත්රය
188. මහණෙනි වර්තමාන චක්ෂුස අනිත්ය ය, වර්තමාන ශ්රෝත්රය ... ඝ්රාණය ... ජිහ්වාව අනිත්ය ය, වර්තමාන කය ... සිත අනිත්ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක චක්ෂුස කෙරෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.