1. 17. 57.
අජ්ඣත්තායතන අනත්ත සූත්රය
224. මහණෙනි, ඇස අනත් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 58.
බාහිරායතන අනිච්ච සූත්රය
225. මහණෙනි, රූ අනිස ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී යි.
1. 17. 59.
බාහිරායතන දුක්ඛ සූත්රය
226. මහණෙනි, රූපයෝ දුක් හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු දුක්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 60.
බාහිරායතන අනත්ත සූත්රය
227. මහණෙනි, රූපයෝ අනත්හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනත්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
සට්ඨිපෙය්යාලයවර්ගයනිමියේ ය.
එහි සූත්රනාමාවලිය:
ඡන්දනමින් අටළොසෙක් වේ. අතීත නමින් ද නවක දෙකෙකි. (අට ළොසෙකි) යදනිච්ච නමින් අටළොසෙක් කියන ලදී. අජ්ඣත්ත බාහිර තික දෙකෙකි. මෙසේ ආදිච්චබන්ධු වූ සර්වඥයන් වහන්සේ විසින් සට්ඨිපෙය්යාලය වදාරන ලද්දේ ය යි.
18. සමුද්ද වර්ගය
1. 18. 1.
සමුද්ද සූත්රය
228. මහණෙනි අශ්රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියයි. මහණෙනි, මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි, මෙය මහ දියරැසෙකි, මහ දියකඳෙකි. මහණෙනි මිනිසාගේ ඇස මුහුදෙකි, එහි රූමුවා වේගය වේ. යමෙක් ඒ රූමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත ඇස නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
කන ... නැහැය ... මහණෙනි මිනිසාගේ දිව මුහුදෙකි. එහි රසමුවා වේගය වේ. යමෙක් ඒ රසමුවා වේගය ඉවසා නම් මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත දිව නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටී. කය .... මහණෙනි මිනිසාගේ සිත මුහුදෙකි. එහි දහම්මුවා වේගය වේ. යමෙක් ඒ දහම්මුවා වේගය ඉවසා නම්, මහණෙනි මේ තෙමේ රළ සහිත සුළි සහිත සැඩමසුන් සහිත රකුසන් සහිත සිත නමැති මුහුද තරණය කෙළේ ය යි කියනු ලැබේ. (චතුරෝඝය) තරණය කළ පරතෙරට පැමිණි ඒ බමුණු තෙමේ (නිවන් නමැති) ගොඩබිම සිටියි.
යමෙක් සැඬමසුන් සහිත රකුසන් සහිත රළබිය සහිත තරණය කිරීමට අපහසු මේ මුහුද තරණය කෙළේ නම් හෙතෙමේ මගනැණින් නිවන් අවබෝධ කෙළේ වැස නිම වූ බඹසර ඇතියේ ලොව කෙළවරට ගියේ නිවන් නමැති පරතෙරට පැමිණියේ ය යි කියනු ලැබේ යි.
1. 18. 2.
දුතිය සමුද්ද සූත්රය
229. මහණෙනි අශ්රැතවත් පුහුදුන් තෙමේ මුහුද මුහුදැ යි කියා යි. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුද නො වේ. මහණෙනි මේ මහ දියරැසකි. මහදියකඳෙකි. මහණෙනි, ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත. මහණෙනි මෙය බුදුසස්නෙහි මුහුදැ යි කියනු ලැබේ.