1. 17. 49-51.
බාහිරාතීත යංදුක්ඛ-බාහිරානාගත යංදුක්ඛ-බාහිරපච්චුප්පන්න යංදුක්ඛ සූත්‍ර
216-218. මහණෙනි ඉකුත්, අනා, වත්මන් රූ දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... ඉකුත්, අනා, වත්මන් දහම් දුක්හ. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 52-54.
බාහිරාතීත යදනත්ත-බාහිරානාගත යදන්ත-බාහිරපච්චුප්පන්න යදන්ත සූත්‍ර
219-221. මහණෙනි අයු, අනා, වත්මන් රූ අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. සද ... ගඳ ... රස ... පහස් ... අයු, අනා, වත්මන් දහම් අනත්හ. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 55.
අජ්ඣත්තායතන අනිච්ච සූත්‍රය
222. මහණෙනි, ඇස අනිස ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 56.
අජ්ඣත්තායතන දුක්ඛ සූත්‍රය
223. මහණෙනි, ඇස දුක් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 57.
අජ්ඣත්තායතන අනත්ත සූත්‍රය
224. මහණෙනි, ඇස අනත් ය. කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 58.
බාහිරායතන අනිච්ච සූත්‍රය
225. මහණෙනි, රූ අනිස ය. සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිස ය. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනී යි.
1. 17. 59.
බාහිරායතන දුක්ඛ සූත්‍රය
226. මහණෙනි, රූපයෝ දුක් හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු දුක්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 17. 60.
බාහිරායතන අනත්ත සූත්‍රය
227. මහණෙනි, රූපයෝ අනත්හ. සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනත්හ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
සට්ඨිපෙය්‍යාලයවර්‍ගයනිමියේ ය.
එහි සූත්‍රනාමාවලිය:
ඡන්‍දනමින් අටළොසෙක් වේ. අතීත නමින් ද නවක දෙකෙකි. (අට ළොසෙකි) යදනිච්ච නමින් අටළොසෙක් කියන ලදී. අජ්ඣත්ත බාහිර තික දෙකෙකි. මෙසේ ආදිච්චබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ විසින් සට්ඨිපෙය්‍යාලය වදාරන ලද්දේ ය යි.