1. 17. 38.
අනාගත යදනිච්ච සූත්‍රය
205. මහණෙනි, අනා ඇස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. අනා කන අනිස ය ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 39.
පච්චුප්පන්න යදනිච්ච සූත්‍රය
206. මහණෙනි, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය, යමක් අනාත්ම නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙ යි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 40-42.
අතීත යංදුක්ඛ, අනාගත යංදුක්ඛ, පච්චුපන්න යංදුක්ඛ සූත්‍ර
207-209. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත දුක් ය. යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 43-45.
අතීත යදනත්ත, අනාගත යදනත්ත, පච්චුප්පන්න යදනත්ත සූත්‍ර
210-212. මහණෙනි, ඉකුත් අනා වත්මන් ඇස අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. කන ... නැහැය ... ඉකුත් අනා වත්මන් දිව ... කය ... සිත අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 46-48.
බාහිරාතීත යදනිච්ච, බාහිරානාගත යදනිච්ච, බාහිරපච්චුප්පන්න යදනිච්ච සූත්‍ර
213-215. මහණෙනි, ඉකුත් අනා වත්මන් රූ අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනා නුවණින් දැක්ක යුතු යි. ඉකුත් අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනිසහ, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මෙසේ දක්නා ශ්‍රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.