1. 17. 31-33.
බාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුපන්න දුක්ඛ සූත්ර
198-200. මහණෙනි, අයු අනා වත්මන් රූ දුක් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 34-36.
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුපන්නානත්ත සූත්ර
201-203. මහණෙනි, අයු අනා වත්මන් රූ අනත් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 37.
අතීත යදනිච්ච සූත්රය
204. සැවැත්නුවර–
මහණෙනි, අතීත චක්ෂුස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. ඉකුත් කන අනිස ය. ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය. යමක් අනිස නම් එය දුක් ය යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 38.
අනාගත යදනිච්ච සූත්රය
205. මහණෙනි, අනා ඇස අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය, යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. අනා කන අනිස ය ... නැහැය අනිස ය ... දිව අනිස ය ... කය අනිස ය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 17. 39.
පච්චුප්පන්න යදනිච්ච සූත්රය
206. මහණෙනි, ප්රත්යුත්පන්න චක්ෂුස අනිත්ය ය, යමක් අනිත්ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය, යමක් අනාත්ම නම් එය “මෙය මාගේ නො වෙයි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි. වත්මන් කන ... නැහැය ... දිව ... කය ... සිත අනිස ය, යමක් අනිස නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනත් ය. යමක් අනත් නම් එය “මෙය මාගේ නො වෙ යි, මේ මම නො වෙමි, මේ මාගේ ආත්මය නො වේ ය”යි මෙසේ මෙය තතුසේ මනානුවණින් දැක්ක යුතු යි.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහිත් කලකිරෙයි ... මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.