1. 17. 20.
අනාගතානිච්ච සූත්රය
187. මහණෙනි, අනාගත චක්ෂුස අනිත්ය ය, අනාගත ශ්රෝත්රය ... ඝ්රාණය ... ජිහ්වාව අනිත්ය ය, අනාගත කය ... මනස අනිත්ය ය මහණෙනි මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක චක්ෂුසෙහි කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 21.
පච්චුප්පන්නානිච්ච සූත්රය
188. මහණෙනි වර්තමාන චක්ෂුස අනිත්ය ය, වර්තමාන ශ්රෝත්රය ... ඝ්රාණය ... ජිහ්වාව අනිත්ය ය, වර්තමාන කය ... සිත අනිත්ය ය. මහණෙනි මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක චක්ෂුස කෙරෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 22-24.
අතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුපන්න දුක්ඛ සූත්ර
189-191. මහණෙනි, අයු අනා වත්මන් චක්ෂුස දුක් ය, ශ්රෝත්රය ... ඝ්රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. අයු අනා වත්මන් කය ... මනස දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 25-27.
අතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්ර
192-194. මහණෙනි, අයු අනා වත්මන් චක්ෂුස අනත් ය, ශ්රෝත්රය ... ඝ්රාණය ... අයු අනා වත්මන් ජිහ්වාව අනාත්ම ය. මහණෙනි, අයු අනා වත්මන් කය ... මනස අනාත්ම ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි ... මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යී දැනගනී.
1. 17. 28-30.
බාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුපන්නානිච්ච සූත්ර
195-197. මහණෙනි, අයු අනා වත්මන් රූප අනිත්යහ, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම්හු අනිත්යහ. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි, සදෙහිත් කලකිරෙයි, ගඳෙහිත් කලකිරෙයි, රසෙහිත් කලකිරෙයි, පහස්හිත් කලකිරෙයි, දහම්හිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි, නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යි දැනීම වෙයි. ඉපැද්ම අවසන් විය, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ රහත් බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 31-33.
බාහිරාතීත දුක්ඛ, බාහිරානාගත දුක්ඛ, බාහිර පච්චුපන්න දුක්ඛ සූත්ර
198-200. මහණෙනි, අයු අනා වත්මන් රූ දුක් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් දුක් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.
1. 17. 34-36.
බාහිර අතීතානත්ත, බාහිර අනාගතානත්ත, බාහිර පච්චුපන්නානත්ත සූත්ර
201-203. මහණෙනි, අයු අනා වත්මන් රූ අනත් ය, අයු අනා වත්මන් සද ... ගඳ ... රස ... පහස් ... දහම් අනත් ය. මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් අරීසවු තෙමේ රූහිත් කලකිරෙයි ... මේ රහත් බව පිණිස අනෙකක් නැතැ යි දැනගනී.