1. 17. 1.
අනිච්ච ඡන්‍ද සූත්‍රය
168. සැවැත්නුවර–
මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වා අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු යි.
1. 17. 2.
අනිච්චරාග සූත්‍රය
169. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ රාගය පහකට යුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු යි.
1. 17. 3.
අනිච්ච ඡන්‍දරාග සූත්‍රය
170. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි චක්‍ෂුස අනිත්‍ය ය එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය ... ඝ්‍රාණය අනිත්‍ය ය ... ජිහ්වාව අනිත්‍ය ය ... කය අනිත්‍ය ය ... මනස අනිත්‍ය ය. එහි ලා තොපගේ ඡන්‍දරාගය පහ කටයුතු ය. මහණෙනි යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 4-6.
දුක්ඛ ඡන්‍ද දුක්ඛරාග දුක්ඛඡන්‍දරාග සූත්‍ර
171-173 මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් දුක් ද යත්: මහණෙනි චක්‍ෂුස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය දුක් ය ... ඝ්‍රාණය දුක් ය ... ජිව්හාව දුක් ය ... කය දුක් ය ... මනස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකට යුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 7-9.
අනත්තඡන්‍ද, අනත්තරාග, අනත්ත ඡන්‍දරාග සූත්‍ර
174-176 මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනත් ද යත්: මහණෙනි චක්‍ෂුස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කය ... මනස අනාත්ම ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනාත්ම නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 10-12.
බාහිර අනිච්චඡන්‍ද, බාහිර අනිච්චරාග, බාහිර අනිච්චඡන්‍දරාග සූත්‍ර
177-179. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් අනිත්‍ය ද යත්: මහණෙනි, රූපයෝ අනිත්‍යය හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු අනිත්‍යයහ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් අනිත්‍ය නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.
1. 17. 13-15.
බාහිර දුක්ඛඡන්‍ද, බාහිර දුක්ඛරාග, බාහිරදුක්ඛඡන්‍දරාග සූත්‍ර
180-182. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, කිමෙක් දුක් ද යත්: මහණෙනි රූපයෝ දුක් හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... දහම්හු දුක්හ, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු ය. මහණෙනි, යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්‍දරාගය පහකටයුතු යි.