1. 16. 8.
කොට්ඨිතදුක්ඛ සූත්‍රය
163. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්ව” යි. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිත, කිමෙක් දුක් වේ ද යත්: කොට්ඨිතයෙනි, ඇස දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහ කටයුත්තේ ය. රූපයෝ දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද දුක් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන දුක් ය ... නැහැය දුක් ය ... දිව දුක් ය ... කය දුක් ය ... සිත දුක් ය එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් දුක් ය ... මනෝවිඥානය දුක් ය ... මනපහස දුක් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද දුක් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් දුක් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
1. 16. 9.
කොට්ඨික අනත්ත සූත්‍රය
164. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ආයාචනා කරමි. “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ... වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් මට සැකෙවින් දේශනා කරන සේක්වා” යි. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. කොට්ඨිතයෙනි, කිමෙක් අනත් වෙ ද යත්: කොට්ඨිතයෙනි, ඇස අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ ය. රූප අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. චක්‍ෂුර්විඥානය අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස අනත් ය, එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. දහම් අනත් ය ... මනෝවිඥානය අනත් ය ... මනපහස අනත් ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් හෙ ද අනත් ය. එහි ලා තොපගේ ඡන්‍දය පහකටයුත්තේ ය. කොට්ඨිතයෙනි, යමෙක් අනත් වේ නම් එහි ලා තොපගේ ඡන්‍දය පහකට යුත්තේ යි.
1. 16. 10.
මිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය
165. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ මිසදිටු ප්‍රහීණ වේ දැ යි.