1. 16. 12.
අත්තානුදිට්ඨිප්පහාන සූත්රය
167. සැවැත්නුවර–
එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ දැ? යත්:
මහණ, ඇස අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. රූපයන් අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. චක්ෂුර්විඥානය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. චක්ඛුසම්ඵස්සය අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ යම් මේ විඳුමෙක් වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ.
කන ... නැහැය ... දිව ... කය ... සිත අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. දහම් අනාත්ම විසින් ... මනෝවිඥානය අනාත්ම විසින් ... මනෝසම්ඵස්සය අනත් විසින් ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ වේදනායෙක් උපදී නම් එද අනාත්ම විසින් දන්නහුගේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ. මහණ, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආත්මානුදෘෂ්ටිය ප්රහීණ වේ යි.
සොළොස්වැනි නන්දික්ඛය වර්ග යි.
එහි සූත්ර නාමාවලිය:
නන්දික්ඛය නමින් සතරෙක් ද, ජීවකම්බවනයෙහි දෙකෙක් ද, කොට්ඨිත නමින් තුනෙක් ද, මිච්ඡාදිට්ඨිප්පහාන, සක්කායදිට්ඨිප්පහාන, අත්තානුදිට්ඨිප්පහාන යි තුනෙක් දැ යි මෙසේ සූත්ර දොළොසෙක් වදාරන ලදි.
17. සට්ඨිපෙය්යාල වර්ගය
1. 17. 1.
අනිච්ච ඡන්ද සූත්රය
168. සැවැත්නුවර–
මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්ය ද යත්: මහණෙනි චක්ෂුස අනිත්ය ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය. ශ්රෝත්රය අනිත්ය ය ... ඝ්රාණය අනිත්ය ය ... ජිහ්වා අනිත්ය ය ... කය අනිත්ය ය ... මනස අනිත්ය ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය. මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු යි.
1. 17. 2.
අනිච්චරාග සූත්රය
169. මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්ය ද යත්: මහණෙනි චක්ෂුස අනිත්ය ය. එහි ලා තොපගේ රාගය පහකටයුතු ය. ශ්රෝත්රය අනිත්ය ය ... ඝ්රාණය අනිත්ය ය ... ජිහ්වාව අනිත්ය ය ... කය අනිත්ය ය ... මනස අනිත්ය ය. එහි ලා තොපගේ රාගය පහකට යුතු ය. මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ රාගය පහකටයුතු යි.
1. 17. 3.
අනිච්ච ඡන්දරාග සූත්රය
170. මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ ඡන්දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් අනිත්ය ද යත්: මහණෙනි චක්ෂුස අනිත්ය ය එහි ලා තොපගේ ඡන්දරාගය පහකටයුතු ය. ශ්රෝත්රය අනිත්ය ය ... ඝ්රාණය අනිත්ය ය ... ජිහ්වාව අනිත්ය ය ... කය අනිත්ය ය ... මනස අනිත්ය ය. එහි ලා තොපගේ ඡන්දරාගය පහ කටයුතු ය. මහණෙනි යමක් අනිත්ය නම් එහි ලා තොපගේ ඡන්දරාගය පහකටයුතු යි.
1. 17. 4-6.
දුක්ඛ ඡන්ද දුක්ඛරාග දුක්ඛඡන්දරාග සූත්ර
171-173 මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. මහණෙනි කිමෙක් දුක් ද යත්: මහණෙනි චක්ෂුස දුක් ය, එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. ශ්රෝත්රය දුක් ය ... ඝ්රාණය දුක් ය ... ජිව්හාව දුක් ය ... කය දුක් ය ... මනස දුක් ය. එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකටයුතු ය, ඡන්දරාගය පහකටයුතු ය. මහණෙනි යමක් දුක් නම් එහි ලා තොපගේ ඡන්දය පහකටයුතු ය, රාගය පහකට යුතු ය, ඡන්දරාගය පහකටයුතු යි.