1. 11. 4.
ලෝකසමුදය සූත්රය
107. මහණෙනි, ලෝකයේ සමුදයත් අස්තඞ්ගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, ලෝකයේ සමුදය කවරේ ද යත්; ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
කනත් නිසා ... නැහැයත් නිසා ... දිවත් නිසා ... කයත් නිසා ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. තණ්හාව නිසා උපාදාන වේ. උපාදාන නිසා භවය වේ. භවය නිසා ජාතිය වේ. ජාතිය නිසා ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්. මහණෙනි, මේ ලෝකයේ සමුදය යි.
මහණෙනි, ලෝකයේ අස්තඞ්ගමය කවරේ ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
කනත් ... නැහැයත් ... දිවත් ... කයත් ... සිතත් දහමුත් නිසා මනෝවිඤ්ඤාණය උපදී. තිදෙනාගේ එක්වීම පහස යි. පහස නිසා වේදනාව වේ. වේදනාව නිසා තණ්හාව වේ. ඒ තණ්හාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ ලෝකයේ අස්තඞ්ගමය යි.
1. 11. 5.
සෙය්ය සූත්රය
108. මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස මම ශ්රේෂ්ඨයෙමි යි හෝ (අදහස්) වේ ද, මම සදෘශයෙමි යි හෝ වේ ද? මම හීනයෙමි යි හෝ වේ දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතිය. වහන්ස, යාච්ඤා කරම්හ. මේ දේශනාවේ අරුත භාග්යවතුන් වහන්සේට ම වැටහේවා, භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහ යි.
මහණෙනි, ඇස ඇති කල්හි ඇස නිසා ඇසට පිවිස මම ශ්රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි. කන ඇති කල්හි ... නැහැය ඇති කල්හි ... දිව ඇති කල්හි ... කය ඇති කල්හි ... සිත ඇති කල්හි සිත නිසා සිතට පිවිස මම ශ්රේෂ්ඨයෙමි යි හෝ වෙයි. මම සදෘශයෙමි යි හෝ වෙයි. මම හීනයෙමි යි හෝ වෙයි.
මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඇස නිත්ය ද හෝ අනිත්ය ද හෝ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ ද යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වන සුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද? මම සදෘශයෙමි යි හෝ වන්නේ ද? මම හීනයෙමි යි හෝ වන්නේ දැ? යි. වහන්ස, මෙය නො වේ ම ය.
කන නිත්ය හෝ වේ ද අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය ... නැහැය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය ... දිව නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය ... කය නිත්ය හෝ අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය ... සිත නිත්ය හෝ වේ ද අනිත්ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය දැඩි සේ නො ගෙන මම ශ්රේෂ්ඨයෙමි යි හෝ වන්නේ ද, මම සදෘශයෙමි යි හෝ වන්නේ ද, මම හීනයෙමි යි හෝ වන්නේ දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණෙනි, මෙසේ දක්නා ඇසූපිරූ තැන් ඇති අරීසවු තෙමේ ඇසෙහිත් කලකිරෙයි. කනෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි ... මේ රහත්බව පිණිස ඇනෙකක් නැතැ යි දැනගනී යි.